වායු දූෂණය හේතුවෙන් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් වසා දමන බව බලධාරීන් නිවේදනය කර තිබේ.

මේ වන විට ඝන දුමාරයක් හේතුවෙන් නගරය ආවරණය වී ඇති නිසා නැවත දැනුම් දෙන තුරු සියළු පාසල් ඉගැන්වීම් මාර්ගගතව පමණක් සිදු කරන බවයි ඉන්දීය අගනුවර මහ ඇමති පවසන්නේ.

දිල්ලි සහ අවට නගරවල වායු දූෂණ මට්ටම මිනිසුන්ගේ සෞඛ්‍යයට අනතුරුදායක වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආරක්ෂිත යැයි සැලකෙන වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය ප්‍රමාණය 50 ගුණයකට වඩා වැඩිවී තිබේ.

More Stories