මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර තිබේ.ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවයි.
සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස හිඟ බදු ගෙවීමට සිටින අතර ඔවුන් රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි සඳහන්වෙයි.2023 – 2024 කාලසීමාව තුළදී පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8කට ආසන්න වෙයි.
ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය නොවැම්බර් 30 වනදාට පෙර නොගෙවන්නේ නම් අදාළ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.