strick

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000/= දිමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 37ක් විසින් ආරෙම්භ කර ඇති වැඩ වර්ජන 02වන දිනද පැවැත්විම හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට පැමිනෙන රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම රෝහලට වතුකරය ඇතුළු හැටන් ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක විශාල රෝගින් පිරිසක් පැමිනෙන අතර මෙම රෝහලේ සෞඛ්‍ය සේවක පිරිස් මෙසේ දෙවන දිනටද 02වන දින වැඩ වර්ජනයට එක්ව සිටින ලදි.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රෝගින් කිප දෙනකුම පවසන ලද්දේ සෞඛ්‍ය සේවාවේ යෙදෙන පිරිස් අහිංසක රෝගින් බිල්ලට තබා කරනු ලබන වැඩ වර්ජන හේතුවෙන් අහිංසක රෝගින් වන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
මහජන මුදලින් අධ්‍යාපනය හදාරා ඔවුන්ගේ විවිධ ඉල්ලිම් සදහා මෙසේ අහිංසක රෝගින් බිල්ලට තබා ගැනිම දුෂ්ඨ ක්‍රියාවක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories