සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩි වශයෙන් මාධ්‍ය තුළ පෙනී සිටීමෙන් කොරෝනා ව්‍යසනය තුරන් කළ නොහැකි බව පුජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වා උන්වහන්සේ තරමටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රට තුළ කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාව බැහැදැකීමට ගොස් නොමැති බවත්, වෙනත් කිසිවකු දුන් වාර්තාවක් සෑම උදෑසනකම මාධ්‍යට පැමිණ පැවසීමෙන් කොරෝනාව නැති කළ නොහැකි බවත් උන්වහන්සේ පවසයි.

අද වන විට කොරෝනා මර්ධන ක්‍රියාවලියේදී ජනතාවට සිදු වන අපහසුකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය මීට වඩා අවධානය යොමුකළ යුතු බවට කරුණු දක්වමින් උන්වහන්සේ පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තව දුරටත් මාධ්‍ය හමුවේ පෙනී සිටීම වෙනුවට කොරෝනා වසංගතයෙන් පිඩාවට පත් ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කඹ ඇදීම් වලින් වැලකී වගකීම් දැරියහැකි පුද්ගලයින් ගෙන්වා ඔවුන්ට වගකීම් ලබා දෙන මෙන් මෙහිදී පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ දැනුවත් කළහ.

More Stories