weather

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (10) දිනය වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීම නිසා ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා “රතු නිවේදනයක්” නිකුත් කරමින් සැලකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින්විට එය පැයට කිලෝමීටර 70ක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

More Stories