distilanthaya

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකරන්නට යෝජනා කර තිබේ.
පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය.

“ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඔ්නේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා.

ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්.”

ඇය කියා සිටියාය.
ලෝකයේ ප්‍රසිද්ධ විනෝද ‘තේමා උද්‍යාන‘ ජාලයක් වන ‘ඩිස්නි ලන්තය‘ පවුලේ සියලු දෙනාට විනෝද විය හැකි අංග ඇතුළත් කර විවිධ තේමා යටතේ සකසන අතර විශාල භූමියක ඉදිකරනු ලබන්නකි. බිලියන ගණනක අයෝජනයක් මේ සඳහා අවශ්‍ය වන අතර නිරන්තරයෙන්ම සංචාරකයින් පැමිණෙන නගර 5 ක දැනට පිහිටුවා තිබේ.බොහෝ විට විශාල වශයෙන් මුදල් වැය කළ හැකි සංචාරකයින්ගේ පැමිණීම හා දියුණු නගරයක් වීම මේ දක්වා ඩිස්නි සමාගම මේ සඳහා සලකා බැලූ මූලික සුදුසුකම් ලෙස සැලකේ.

ලෝකයේ දැනට ඩිස්නි ලන්ත පිහිටුවා ඇත්තේ කැලිෆෝනියාව, පැරිසිය, ටෝකියෝ, ෂැංහයි හා හොංකොං පමණි.

පසුගියදා සම්මතවූ 22 සංශෝධන පනත අනුව බ්‍රිතාන්‍ය පුරවැසිකම සහිත ද්විත්ව පුරවැසියෙකු බව කියන ඩයනා ගමගේ සිය මන්ත්‍රී ධූරය අහිමිවීමේ අවදානමකද සිටින්නීය.

Similar Posts