ගෝඨාභය රාජපක්ෂ රටේ යුද හමුදා මුලස්ථානය විකුණලා යුද  හමුදාවට ඉන්න හිටින්න තැනක් නැති කරලා වසර නවයක් ගෙවී ගොස් ඇති බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා පවසයි.

මේ රටේ කවුරුත් දන්නවා ශ්‍රි ලංකා යුද හමුදාවේ මුලස්ථානය තිබුණේ කොළඹ, ගාලු මෝදර පිටියේ. බ්‍රිතාන්‍ය පාලනය යුගයේ ඉඳලා යුද හමුදා මුලස්ථානය ඔතන තිබුණේ. ලංකාවට නිදහස ලබලා දුන්න 1948 ඉඳලා 2010 වෙනකම් එතන යුද හමුදා මුලස්ථානය තිබුණා. ඒත් 2009 යුද්ධය ඉවර වුණ ගමන්ම එකපාරටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ හමුදා මුලස්ථානය තිබු මුලු භූමි භාගය කාටවත් නොදන්වා චීනයේ ෂැංග්‍රිලා සමාගමට විකුණනවා හෝටලයක් හැදීම සඳහා. විකුණන්නේ කෝටි 1800 කට. මේ  විකුණන වෙලාවේ ශ්‍රි ලංකා යුද හමුදාව ස්ථාන ගත කරන්න කිසිම තැනැක් නැහැ. මුලස්ථානයට තාවකාලික ස්ථානයක් හොයා ගන්නත් ඉස්සර විකුණනවා. දැන් විකුණලා අවුරුදු 09 ක් වෙනවා.

අද අකුරේගොඩ, බත්තරමුල්ලේ හමුදා මුලස්ථානය සඳහා ගොඩනැගිලි සමුහයක් හදනවා. ඒකට දැනට කෝටි දහඅටදහක් වියදම් කරලා තව කෝටි දොලොස්දහක් ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි තිස් දහසක් යනවා. දැනට හමුදාවට ඉන්න තැනක් නැහැ. 17පොලක හමුදාව ස්ථාන ගත කරලා තියෙනවා. ඒ කියන්නේ රාජගිරියේ, බත්තරමුල්ලේ, කැලණියේ, පනාගොඩ, කලුතර ආදි ප්‍රදේශ රැසක කොටස් තියෙනවා. මේක සම්පුර්ණයෙන්ම විකාරයක් කරලා තියෙන්නේ. අද හමුදාවට මුලස්ථානයක් නැහැ. මෙහෙම තියෙද්දි තමයි සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය අප්‍රේල් 21 සිද්ධ වුණේ. ඒ වෙලාවේ පොහාට්ටුව, විමල් වීරවංශලා සද්දේ දැම්මා කිසිම සුදානමක් තිබුණේ නැහැ කියලා සහරාන්ගේ තර්ජනයට මුහුණ දෙන්න. හමුදාවට ඉන්න හිටින්න තැනක් නැති කරපු උදවිය තමා දැන් කියන්නේ කිසිම සුදානමක් තිබුණේ නැහැ කියලා. ලංකාව වැනි බංකොලොත් රටක්, ගත්තූ ණය වල පොලී ගෙවා ගන්න බැරි රටක් කෝටි තිස්දහක් වියදම් කරලා හමුදා මුලස්ථානයක් හදනවා. අවුරුදු 10 ක් වුණා තාම ගොඩනැගිල්ලට ගෙවදෙන්න බැරි වුණා යැයිද පැවසුවේය.

More Stories