හැටන් ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ප්‍රශ්නය තව දුරටත් විසදිම සදහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.
සැම වර්ෂයකදිම වියළි කාලගුණික තත්වයන් පවතින පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදි නිසි ලෙස දිනපතා ජලය ලබා දිමට නොහැකිව දින දෙකකට තුනකට වරක් ජලය බේදා හැරිමත් සමග මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්වනු ඇත.
මෙම තත්වයන් තුලින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට සිදුවන දුෂ්කරතාවයන් පිලිබදව අවදානය යොමු කරමින් මෙසේ නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට ජල මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජල මණ්ලයේ හැටන් කාර්යාලයේ ස්ථානබාර නිලධාරි ජනක හේරත් මහතා පවසන ලද්දේ සැම වර්ෂයකම පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන මාසවලදි නිසි ලෙස දිනපතා ජලය ලබා දිහමට නොහැකි විමෙන් මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර සාංචිමලේ ප්‍රදේශයේ සිට හැටන් ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන ඒම සදහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
රුපියල් මිලියන 160ක පමන වියදමකින් මෙම නව ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත් එහි මුලීක කටයුතු වන ටෙන්ඩර් කිරිම්ද මේ වන විට අවසන් කර ඇති බවත් එම තත්වයන් මත ඉදිරි මාස දෙකක පමන කාලයකදි එම නව ජල යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරිම සිදු කරන බවද ජනක හේරත් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories