නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයන් අතර බහු ආගමික කලා සංස්කෘතික තත්වයන් වර්ධනය කිරිමේ අරමුණ මත  කරිටාස් මහනුවර සෙටික් හැටන් ආයතනයේ මගින් සංස්කෘතික වැඩ සටහනක් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි 04වන දින පවත්වන ලදි.

කරිටාස් නුවර සෙටික් ආයතනයේ සාමය හා තරුණ සම්බන්ධිකාරක සිවකුමාර් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ඉස්ලාම් කලා සංස්කෘතික, චාරිත්‍ර වාරිත්‍ර, යාඥා රටා හා ආගමික කටයුතු පිලිබදව සිංහල හා ද්‍රවිඩ සිසුන් දැනුවත් කිරිම මවුලවි නසීම් පුජකතුමන් විසින් පැහැදිලි කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු මවුලවි නසිම් පුජකතුමන්  පවසන ලද්දේ මෙවැනි වැඩ සටහන් තුලින් ආගම් හා ජාතින් අතර යහපත් සබදතා ගොඩ නැගි මෙම ප්‍රදේශයේ තරුණ පරපුර  සියළුම ජාතින් අතර සුහදතාවයන් වර්ධනය කර ගැනිම තුලින් ඉදිරියේදි මෙම පිරිස ජාති ආගම් භේදයෙන් තොරව එකම මවකගේ දරුවන් ලෙසත් සැබැ ශ්‍රිලාංකිකයන් ලෙසත් කටයුතු කරනු ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts