covid infections and deaths

හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුවිමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 16 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි.

හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් මෙයට පෙර එකම පවුලේ කොවිඩ් 19 ආසාදිතයන් හතර දෙනකු (මව, පියා, පුතා, දුව) හමුවු බවත් එම අය සමග එම නිවසේ සිටි එම අයගේ ඥති කාන්තාවක් පී. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම කාන්තාවද කොවිඩ් 19 ආසාදිතයකු බවට හදුනා ගැනිමට හැකිවු බවද ඔහු පවසන ලදි.

මෙම කාන්තාව අවුරුදු 45ක් පමන වයසක අය බවත් මෙම කොවිඩ් ආසාදිත කාන්තාව රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇති බවත් එමෙන්ම මෙම කාන්තාව ඇසුරු කල ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද මැදවෙල මහතා වැඩි දුරටත් පවසන ලදි.

හැටන් ප්‍රදේශයෙන් කොවිඩ්19 තුරන් කිරිම සදහා ප්‍රදේශයේ සියලුම දෙනාගේ සහය අවශ්‍ය බවත් එම තත්වයන් මත ප්‍රදේශයේ සියලුම දෙනා මුඛ ආවරණ නිසි ලෙස පැලදිය යුතු බවත් එමෙන්ම නගරයට පැමිනෙන විට මුඛ ආවරණ නිසි ලෙස පැලද සමාජ දුරස්ථබාවය පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවද මැදවෙල මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories