දිපවාලි උත්සවය නිමිති කර ගෙන හැටන් නගරයේ ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු රංජිත් ජයසේන මහතා  පවසන ලද්දේ දිපවාලි උත්සවය සැමරිම සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට මෙම දිනවල හැටන් නගරයට විශාල පිරිසක් පැමිනෙන බවත් එම පිරිසගේ ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

හැටන් පොලිස් අධිකාරි ඩබ්ලිව්. එම්. පී. කේ. වීරසේකර මහතාගේ උපදෙස් මත මෙම ආරක්ෂක වැඩ පිලිවෙල ක්‍රියාත්මක වන බවත් ඒ අනුව හැටන් නගරයේ තැන තැන නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් පොලිස් නිලධාරින් ස්ථාන ගත කර ඇති අතර හැටන් නගරය තුල වීශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පැවසිය.

මෙම ආරක්ෂක වැඩ පිලිවෙල පිටස්තර ප්‍රදේශවල සිට දිපවාලිය සැමරිමට මෙම ප්‍රදේශයට පැමිනෙන පිරිස් නැවත මෙම ප්‍රදේශයෙන් පිටව යන තෙක් ක්‍රියාත්මක කරන බවද රංජිත් වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts