හැටන් නගරයෙන් පලමු කොවිඩ් ආසාදියා හමුවිමත් සමග හැටන් නගරයේ  සියලුම වෙලද සැල් වසා දැමිමට  හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර  ගෙන ඇත.

මේ පිලිබදව කරන ලකද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් පලමු වරට කොවිඩ් අසාදියෙක් හමුවිමත් සමග 25වන දින උදැසන හැටන් පොදු වෙලද පල භුමිය වසා දැමිමට පියවර ගත් බවත්ය.

එම පියවර ගැනිමත් සමග නගරයට පැමිනි ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් හා සමාජ දුරස්ථබාවයකින් තොරව වෙලද සැල්වල එක් රොක්විමත් සමග ප්‍රදේශයේ හා ප්‍රදේශයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් නගරයේ  සියලුම වෙලද සැල් 25වන දින තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවත්ය.

මෙම කොවිඩ් අසාදිතයා හේතුවෙන් නගරයේ උද්ගතව ඇති තත්වයන් පිලිබදව අදාල අංශ සමග සකච්චා කර ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories