gossip news sri lanka

මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භයත් සමග හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය විශේෂ ශ්‍රිපාද බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝ අධිකාරි ඩබ්ලිව්. ජි. ජේ. කේ. කීර්තිරත්න මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කීර්තිරත්න මහතා පවසන ලද්දේ 2024-2025 ශ්‍රිපාද වන්දනා සමය මේ මස 14වන දින ආරම්භ වන බවත් එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සමන් දේව ප්‍රථිමාව සදාතුක කරඩුව හා පුජා භාන්ඩ වැඩම කරනු ලබන 13වන දින සිටම හැටන් නල්ලතන්නිය වීශේෂ ශ්‍රිපාද බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගන්නා බවත්ය.

ඒ අනුව මේ මස 13වන දින සිට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා දිවා රාත්‍රි කාලවලදි දුම්රියන් පැමිනෙන වේලාවන් වලදි හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වාත් නල්ලතන්නිය සිට හැටන් දුම්රිය ස්ථානය දක්වාත් අතිරේක බස් රථ උපයෝගි කර ගෙන මෙම වීශේෂ ශ්‍රිපාද බස් සේවාවන් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත්ය.

එයට අමතරම කොළඹ, මහනුවර, කතරගම වැනි ප්‍රදේශවල සිට නල්ලතන්නිය දක්වාද බස් රථ යෙදවිමටද සැලසුම් කර ඇති බවත් එම තත්වයන් මත ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද කීර්තිරත්න මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories