හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට ගලා යාමත් සමග එම ප්‍රදේශය තුලින් හමන දැඩි දුගද හේතුවෙන් බස් නැවතුම් පළට පැමිනෙන පිරිස් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍.
මෙම පොදු වැසිකිලි වල උතුරා පිටාර ගැලිම මෙන්ම එහි ඉදිකර ඇති බැමි තුලින්ද අප්‍රපද්‍රව්‍ය පිටාල ගැලිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් පිරිසක් ඇතුළු බස් මගින් පිරිසක් පවසනුයේ මෙම වැසිකිලි වල මෙසේ පියාර ගැලිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම වැසිකිල වල මෙසේ පිටාර ගැලිමත් සමග ප්‍රදේශය තුල දැඩි දුගදක් හමන බවත් මෙම තත්වයන් පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් අවස්ථා කිපයකදිම දැනුවත් කලද බිහිරි අලින්ට විනා වයනාසේ ඔවුන් නිහඩව සිටින බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව අවස්ථා කිපයකදි හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගෙන් කරන ලද විමසිමකදි ඔහු පවසන ලද්දේ මේ පිලිබදව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts