මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක් යෙදවිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිස් කොට්ඨාශයේ නිලධාරියකු පවසන ලද්දේ පාර්මේන්තු මැතිවරණයේදි මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
ඒ අනුව හැටන් කොට්ඨාශයට අයත් හැටන්, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, නල්ලතන්නිය, නොර්ටන් බ්‍රීජ්, පොල්පිටිය, ගිනිගත්හේන, වටවල, පොලිස් ස්ථාන ආවරණය වන ලෙස පවතින ඡන්ද මධ්‍යස්ථාන 139 සදහා එක් ඡන්ද මධ්‍යස්ථානයකට ගිනි අවි සහිත පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් යෙදවිමට පියවර ගෙන ඇති බවත්ය.

එමෙන්ම මේ ඡන්ද මධ්‍යස්ථාන 139 ආවරණය වන ආකාරයෙන් ජංගම මුර සිංචාරක සේවා 35ක් පවත්වන බවත් ස්ථිර මාර්ග බාධක 03ක් ස්ථාපිත කර ඇති අතර හදිසි මාර්ග බාධක යෙවිමටත් හදිසි අවස්ථාවක කැදවිම සදහා කැරලි මර්ධන ඒකක තුනක් ස්ථාපිත කර ඇති බවද ඔහු පැවසිය.
මෙම මැතිවරණ ආරක්ෂ කටයුතු සදහා හැටන් කොට්ඨාශයෙන් පොලිස් නිලධාරි 473ක් යෙදවිමටත් පිටස්තර ප්‍රදේශවලින් පොලිස් නිලධාරින් 291 කැදවා ඇති බවත් එයට අමතරව ලක්ෂපාන හා කොටගල යුධ හමුදා කදවුරුවලින් යුධ හමුදා නිලධාරින් 95 දෙනකුගේ හා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ සහාය ලබා ගැනිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories