මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමට හා සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරිම සදහා අසු හතර දාහාක පමන පොලිස් බල ඇනියක් දිවා රෑ නොතකා මේ වන විට කටයුතු කරන බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි.
ශ්‍රිලංකා පොලිසියේ 158වන දිනය නිමිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසියේ 319සී හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනේ ආරම්භක උත්සවය අමතමින් මේ බව පැවසු ප්‍රදිප් වීරසේකර මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මහජනතාවගේ ජිවිත මෙන්ම දේපලද ආරක්ෂා කිරිමට බැදි සිටින පොලිසිය එය ඉටු කිරිම සදහා විශාල කැප කිරිමක් සිදු කරනවා මේ පොලිස් නිලධාරින් තම රාජකාරි කරද්දි මල් මෙන්ම ගල්ද අප වෙත එනවා එය කුමන ආකාරයෙන් ආවත් මේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය නිරන්තරයෙන් කැප වෙනවා.
මේ රටේ දශක තුනක පමන කාලයක් පැවති යුද්ධයේදි මේ පොලිස් නිලධාරින් තම ජිවිතද පුජා කරමින් විශාල සේවයක් මේ රටේ සාමය ආරක්ෂා කිරිමට සිදු කලා අපිට බොහෝ විට ගල් වදින්නේ නිතිය ක්‍රියාත්මක කිරිමට නිතිය රැකිමට කටයුතු කරන විටයි අපේ රාජකාරිය නඩු ලබා ගැනිමම නොවෙයි අපරාධ හා ප්‍රචන්ඩත්වයෙන් තොරව රටේ සාමය රැකිමට නිසි ලෙස රාජකාරිය කිරිමයි අපගේ බලාපොරෝත්තුව.
පොලිසියේ විරුවන් තම ජිවිත පුජා කර නිදන්නේ අප රටේ සාමය වෙනුවෙන් මෙය එදා වගේම අදත් වෙයි හෙටත් වෙයි අද මේ 158වන අභිමාණවත් පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ස්ථාන 510ක පමන විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වනවා මේ හැටන් පොලිස් ස්ථානයෙත් ලේ දන්දිමේ උදාර වැඩ සටහනක් සංවිධානය කිරිම පිලිබදව එම සංවිධායක කමිටුවට මගේ ස්තුතිය පුද කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories