හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරන පුද්ගලයන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් හට ගෙන ඇත.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ කාණු පද්දතියට දමා ඇති කොන්ක්‍රට් ආවරණයේ එක් ස්ථානයක් කැඩි ඇති අතර එම ස්ථානයට යකඩ තහඩුවක් දැමිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ස්ථානයේ කැඩි ඇති කොන්ක්‍රිට් ආවරන කොටස නවිකරනය කිරිම වෙනුවට මෙසේ තහඩුවක් එය මතට දැමිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත්ය.

මෙම ස්ථානයේ බස් රථ බලාපොරෝත්තුවෙන්ද විවිධ පිරිස් සිටින බවත් යම් හෙයකින් මෙම තහඩු ආවරණය තුලින් මෙහි රැදි සිටින පිරිස් මෙන්ම මෙම ස්ථානයෙන් ගමන් කරන අයද  විවිධ අනතුරුවලට ලක් විමට පෙර මෙම ස්ථානය නවිකරණය කිරිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts