හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිවරියගේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර 23වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි.
කොළඹ පදවියේ සහකාර රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපනාන්ගේ ප්‍රධානත්වයෙන් 23වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් ප්‍රදේශයේ විදුහල්වල තුර්ය වාදක කණ්ඩායම් පෙරටු කර රෙගන හැටන් නගරයේ විථි සංචාරය කිරිම සිදු කරන ලදි.
මෙම වීශේෂ දේව හෙමෙයට හා දේව පෙරහැරට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් අති විශාල පිරිසක් පැමින සිටි අතර හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් වීශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන තිබුනි.
ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර නගරයේ විථි සංචාරය කර නැවත දේවස්ථානයට පැමිනිමෙන් පසු මෙවර මංගල්‍යයේ වැඩ කටයුතු නිමාවට පත්වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්