හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා.

අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙනවා.

මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි.

දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල  ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක් වන්නේ මහත් බැති සිතින්.

More Stories