හෙට(11) දිනයේදී රැකියා සඳහා පැමිණෙන අයගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ සේවා හැඳූනුම්පත සහ අදාළ දිනයේදී රැකියාවට කැඳවා ඇති බවට වන ලියවිල්ලක් පවතින්නේ නම් රැකියා සඳහා යාමට අවස්ථාව ලබාදෙන බවයි.

ඔබ කාර්යාලයට එන්නේ, බස් රථයෙන් හෝ දුම්රියෙන් නම් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය පවත්වාගත යුතුයි.

එපමණක් නොව එක් දිශාවක් පමණක් බලාගෙන යාමද සෞඛ්‍ය නිර්දේශවලට අයත් තවත් කරුණක්.

ත්‍රීරෝද රථ භාවිතයෙන් ගමනාගමනය සිදු කරන්නේ නම් රියදුරු හැර මගීන් දෙදෙනෙකුට එය සීමා කළ යුතු වනවා.

පොලිසිය පවසන්නේ, පෞද්ගලික වාහනයෙන් සේවා ස්ථානයට පැමිනීමේදී කාර්යාලීය හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත පෙන්වා ආරක්ෂක අංශවලට සහය දැක්විය යුතු බවයි.

කාර්යාල පරිශ්‍රයට ඇතුළු වන ඔබ, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතු වනවා.

වැළමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතියි.

ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට රුකුලක් වනු ඇති.

කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීමත් නැවත විෂබීජහරණ කුටියට ඇතුල්වී ඇඳුම් සහ ශරීරය විෂබීජහරණයට ලක්කර ගැනීම වඩාත් සුදුසු වෙයි.

පුද්ගලික අංශයේ සේවා සඳහා ගමන් කරන වාහන උදෑසන 8.30ත් 10ත් අතර කාලයේදී ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා.

සවස් කාලයේ වාහන පිටවීමේදී රජයේ වාහන නම් පස්වරු 3ත් 4ත් අතර කාලයේදී පිටව යාම සුදුසු වන අතර, සවස 4ත් 5ත් අතර කලයේ පෞද්ගලික සේවා ස්ථානවලින් වාහන පිටව යා හැකියි.

මාර්ගයේ වාහන ගමනාගමනය පහසු කිරීම මෙන්ම වාහන පරීක්ෂා කිරීමක් සිදුකරන්නට වුවහොත් ඒ පිළිබඳ ගත හැකි කරුණු සලසා බලා මෙම පියවර ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

 

 

Similar Posts