හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් වැවිලි සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරගයක්  රදැල්ල තේ වතුයායේදි සිදු කරන ලදි.

හේලිස් සමුහ ව්‍යාපාරය මගින් පාලන වන තලවාකැලේ, හොරණ, කැළණි වැලි වතු සමාගම්වලට අයත් වතු වල තේ දළු නෙලන කම්කරු කාන්තාවන් 38 දෙනකු  මෙම තරගය සදහා ඉදිරිපත්වු අතර එහිදි එම වතු සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන් තිදෙනකු තෝරා ගත් අතර එම තේ දළු නෙලන්නියන් තිදෙනාගේ පවුල්වල අයට ඉංදියාවේ සංචාරයක් සදහා අවශ්‍ය පහසුකම් සැලසිමට හේලිස් සමුහ ව්‍යාපාරය මගින් පියවර ගෙන ඇත.

එම තිදෙනා අතරින්ද හොදම තේ දළු නෙල්ලනිය තෝරා ගත් අතර එහිදි තලවාකැලේ වතු සමාගමය අයත් බ්‍රේයා විල් වතුයායේ අවුරුදු 45ක් වයැසැති කේ. පලනි සෙල්වි මහත්මිය එම ස්ථානය හිමි කර ගන්නා ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති හා විධායක නිලධාරි මෝහාන් පන්ඩිතගේ මහතා පවසන ලද්දේ මෙම තරගාවලියෙන් හොදම තේ දළු නෙලන්නියන් ලෙස තේරි පත්වු තලවාකැලේ වැවිලි සමාගමේ බ්‍රේයාවිල් වතුයායේ කේ. පලනිසෙල්වි, හොරණ වැවිලි සමාගමේ බබර කැලේ වතුයායේ බෙනඩික් මේරි, කැළණි වැලි වැවිලි සමාගමේ රොබ්ගිල් වතුයායේ වි. කමලේස්වරි යන තිදෙනාට ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සමග ඉංදියාවේ සංචාරයක යෙදිමට අවස්ථාව ලබා දෙන බවත්ය.

එයට අමතරව එම තිදෙනාගෙන්ද හොදම තේ දළු නෙලන්නිය ලෙස තේරුන කේ. පලනි සෙල්වි යන අයට ඉංදියාවේ සංචාරයට අමතරව මුදලින් තැගි ලබා දිමටද පියවර ගත් බවත්ය.

වතු කම්කරු කාන්තාවන් වෙනුවෙන් මෙවැනි තරයක් සංවිධානය කිරිම පිලිබදව තමන් දැඩි සතුටට පත් වන බවත් මෙයට පෙර වතු මගින් මෙවැනි තරග පවත්වා එයින් තේරුන පිරිසක් මෙම තරගයට ඉදිරිපත් කල බවත් මෙවැනි තරග තුලින් වතු කරයේ තේ දළු නෙලන පිරිස් දිරිමත් කිරිම තම අරමුන බවත් පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂෂ රෝෂාන් රාජතුරෙයි මහතා පවසන ලදිදේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම පිලිබදව තමන් අකමැති නොවන බවත් තේ මිල පහාල බැසිමත් සමග වතු කම්කරුවන් සදහා වැටුප් වැඩි කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාව මත වතු කම්කරු වැටුප් වැඩි නොකරන වතු රජයට පවරා ගන්නා බව සමහර පිරිස් පැවසුවද ජනාධිපති තුමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් ජනාධිපති තුමන් මේ පිලිබදව තමන්ගෙන් අදහස් ඉල්ලා ඇති බවත් ඒ අනුව තමන් අදහස් දක්වා ඇති අතර ඒ අනුව ඉදිරියේ යම් පියවරක් ගන්නා බවද ඔහු පවසන ලදි.

වතුවලට ලැබෙන අදායමෙන් සියයට හැට හතක් (67%) වතු කම්කරු වැටුප් වෙනුවෙන් වැය වන බවත් තවත් සියයට නවයක් (9%) කාර්යාල සේවක වැටුප් සදහා වැය වන බවත් වසර විසි පහක (25) කාලයක් තුල මෙම වතු ඉදිරියට ගෙන ඒමට වතු සමාගම්  ඉදිරියට පැමින ඇති බවත් වතු පවරා ගැනිම එක් වරම කල නොහැකි බවද පවසන ලදි.

මෙම වතු පවරා ගන්නේ නම්  එය යම් ක්‍රම වේදයක් මත කල යුතු බවත් මෙම රුපියල් දහාසේ වැටුප දිමට හැකි වන්නේ වෙනත් ක්‍රම ඔස්සේ එනම් පලදායිතාවයන් මත බවත් මේ වන විටද සමහර පිරිස් වැඩි පුර තේ දළු කඩමින් රුපියල් දහාසට වැඩි විශාල මුදලක් ලබා ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු මෙම තරගයෙන් ජය හිමි කර ගත් කේ. පලනි සෙල්වි මහත්මිය පවසන ලද්දේ තමන් මෙම තරගයෙන් ජය ගන්නා බවට විශ්වාසයක් තිබු බවත් මෙවැනි තරග තුලින් තේ දළු නෙලන කාන්තාවන් දිරිමත් වන බවද පවසන ලදි.

තමන් වසර විසිපහාකට වැඩි කාලයක් තේ දළු නෙලන බවත්  තමන් අද දිනයේ විනාඩි විස්සක් ඇතුලත තේ දළු ක්‍රිලෝ නවයයි ග්‍රැම් හත් සියයක්(9.700) කැඩු බවත් සමන්‍ය දිනවලදිද තමන් තේ දළු ක්‍රිලෝ විස්සට වැඩි ප්‍රමානයක් කඩන බවද පවසන ලදි.

එමෙන්ම මෙම තරගයට එක්වු නුවරඑළිය බ්‍රිට්රු වතුයායේ එච්. ඒ. සුදර්ශණි මහත්මිය පවසන ලද්දේ මෙවැනි තරග පැවැත්විම ඉතා හොද බවත් මෙවැනි තරගවලදි තේ දළු නෙලන තමන්ට ඉදිරියට පැමිනිමේ අවස්ථාවන් ලැබෙන බවත්ය.

එමෙන්ම මෙම වතුවල සේවය කරන තමන් පිලිබදව වතු සමාගම් දැඩි අවදානයක් යොමු කරන බවත් ඒ පිලිබදව මෙහි පාලන අධිකාරියට ස්තුතිය පුද කරන බවත්ය.

නුවරඑළිය වතුයායේ කාන්තා කංකානියක් වන ආර්. ජි. අනුලාවති මහත්මිය මම අවුරුදු 32ක් දළු කැඩිමේ නිරත වුනා පසුව කංකානි තනතුර ලැබුනා වත්තේ තේ දළු කඩන කාන්තාවන් කැමතියි කාන්තා කංකාවරුන් පත් කිරිම පිලිබදව මොකද මේ දළු කඩන කාන්තාවන්ගේ යම් යම් ප්‍රශ්න පිරිමි කංකානිලාට කියන්න බැහැ ඒ නිසා කාන්තා කංකානිවරියන්ට මේ අය කැමතියි.

මෙවැනි තරග පැවැත්විම ඉතා හොදයි මොකද මේ තුලින් තේ දළු නෙලන අය දිරිමත් වෙනවා වතු පාලන අධිකාරියත් ඉතා හොදින් අපේ ප්‍රශ්න පිලිබද හොයා බලනවා එය ලොකු දෙයක්.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories