රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සුපිරි පන්නයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ” ඉස්පා නිරෝෂි ” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියක් බවත් පොලීසිය පැවසීය.
මත්කුඩු තොගය දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කලු සාගර නමැත්තා සමඟ සිටින මුතු නැමැති කාන්තාවට අයත් ඒවා බවත් ජනවාරි මස සිට මේ දක්වා මුතු නමැති කාන්තාව විසින් මෙම සැකකාරිය වෙත වරින්වර හෙරොයින් මත්කුඩු කිලෝ 8 ක් පමණ ලබාදී ඇතැයිද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් පොලිස් නිලධාරිනියක් පැවසීය.
එක්වරකට කිලෝ එක බැගින් එලෙස ලබා දෙන මත්කුඩු සැකකාරිය විසින් කුඩා පාර්සල් වලට අසුරා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන මුතූ නැමැති කාන්තාව විසින් ලබාදෙන දුරකථන ඇමතුම් අනුව බෙදා හරින බවත් කිලෝ එකක් එලෙස කොටස් කර බෙදා හැරීම වෙනුවෙන් සැකකාරියගේ ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් මුතු නමැති කාන්තාව විසින් බැර කර ඇතැයි සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරිමේ දී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය තංගල්ල, නෝනාගම සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 හා 33 අතර පසුවන්නන් බව පොලිසිය කියයි
බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය මත තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් දිල්රුක් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 48874 රුවන් පොලිස් කොස්තාපල් 84768 කුමාර, 65283 සරත්, 91880 සඳකැලුම්, 12748 නවරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 10755 කල්පනී යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබය.