විදේශිකයෙකු හෝටලයක තිස් තුන් වැනි මහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු ජාතික Mcmurtrie Paul James නැමැති 52 හැවිරිදි ජාතිකයෙකි.
සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මොහු යුනියන් පෙදෙස පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයක තිස් තුන් වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇත. මොහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන් ගෙන සිට ඇති නමුත් ඔහු ඊට පෙර දින හෝටලයෙන් පිටත්ව ගොස් ඇති බවත් ඊයේ (10) රාත‍්‍රියේ මොහු වසා තිබු බැල්කනියක් විවෘත කර ඇති බවත් එහිදි බිමට වැටී ඇති බවත් මුලික පොලිස් විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
අද (11) දින මහේස්ත‍්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිත අතර මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය හා සංචාරක පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
-ශානි පොල්ගම්පල-