babara

දිඹුල පතන පොලිස් බල ප්‍රදේශයේ කොටගල කේග්‍රලී වතුයායේ 04වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් 10 දෙනකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම වතු කම්කරුවන් පිරිස 04වන දින එම වතුයායේ තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ රුස්ස ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහාර දිමෙන් එම කාන්තාවන් මෙසේ තුවාල ලබා ඇත.

මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ වතු කරය තුල සිදුවන මෙම බබර ප්‍රහාරයන් හේතුවෙන් සති දෙකක පමන කාලයකදි තිදෙනකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කල බවත්ය.

මෙම තත්වයන් මත වතු තුල සේවය කිරිමද දැඩි අවදානම් තත්වයක පවතින බවද ඔවුන් පවසති.

බබර ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බව කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories