government information center

මෙරට 10 වන පාර්ලිමෙන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද (14) උදැසන 07.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද දායකයින්ට තම ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ.

ඡන්ද කාඩ් පතක් නොලැබුණත් , ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ,

01 ජාතික හැඳුනුම්පත

02 වලංගු විදේශ ගමන් බලපත්‍රය

03 වලංගු රියදුරු බලපත්‍රය

04 රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

05 වැඩිහිටි හැඳුනුම්පත

06 පූජ්‍ය/ පූජක හැඳුනුම්පත

07 ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

08 ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිශන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

09 මැතිවරණ කොමිශන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ආදියයි.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර, ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම්, ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ තුන්සිය පනස් හතරක් (17,140,354)

අද දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරීන් සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් සේවයේ යොදවා ඇති අතර නීතිය තදින් ක්‍රියාමක කිරීමට ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.

2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් – විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්ද එක්වනවා.

මේ අතර අද දින යම් මැතිවරණ බාධාවක් සිදුවන්නේ නම් දුරකථන අංක 0113 688 025 , 0113 668 032 දැනුම්දිය හැකියි.

ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව අද පස්වරු 4.15 ට තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

More Stories