සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි.
මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවත් මේ වනවිට මෙරට තුළ පෙට්ටල් මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහසක් පමණක් තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි.