උතුරු මැද පළාත් සභාව මගින් යහපාලන ආණ්ඩු සමයේ පළාතේ සංචාරක කර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් නිල වෙබ් අඩවියක් නිර්මානය කිරිම සදහා රුපියල් ලක්ෂ 121කට අධික මුදලක් පෞද්ගලික සමාගමකට ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පිටින් ලබාදි වසර හතරකට අධික කාලයක් ගතවි තිබුණත් වෙඩ් අඩවිය නිර්මානය කිරිම සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය සිදුකල මූලික විගණන විමසුමකින් හෙලිවි තිබේ.

උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමත්‍ය පේෂල ජයරත්න මහතාගේ පාලන සමයේ (යහපාලනය)වෙබ් අඩවිය නිර්මානය කිරිම ඇතුළු සංචාරක කර්මාන්තය දියුණු කිරිමේ වැඩසටහන ක්‍රියාත්මකවි ඇති අතර විශේෂ දැනුමැති විද්වත් මණ්ඩලයක් සහිත වෙඩ් අඩවි නිර්මාන ආයතනය සුදුසුම ආයතනය බව පේෂල ජයරත්න හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ හිටපු අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

උතුරු මැද පළාතේ විශේෂිත ආකාර්ශනිය ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ට නිර්මානශිලිව හදුන්වාදීම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශවකරුවන්ට ආදායම් ඉහල නංවා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ සේවාවන් හා ව්‍යවසායකත්වයන් පුළුල් කිරිමේ අරමුණින් රුපියල් ලක්ෂ එකසිය පනස් හතයි අනූහත්දහස් පන්සියයක (15.797,500.00) මුදලක් යොදවා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිම පසුගිය 2016 වසරේ මාර්තු මස ආරම්භවි තිබේ.

වසර පහකට ආසන්න කාලයක් තුල එම කටයුත්ත සිදුවි නැති අතර එහි බරපතලම කාරනය ලෙස විගණන විමසුම් වාර්ථාව හෙලිකර තිබුණේ වැඩ නිමකිරිමෙන් අනතුරුව අදාල කොන්ත්‍රාත්තුවේ සියයට අසූවක මුදලක් ගෙවිය යුතු වූවත් කොන්ත්‍රාත්තුවේ කිසිදු කටයුත්තක් සිදුකර නොමැති වකවානුවක අදාල ආයතනයට අස්තමේන්තුගත මුදලෙන් සියයට අසූවක මුදල අවස්ථා තුනකදි ගෙවා දැමීමයි.

ඒ අනුව උතුරු මැද පළාත් සභාව මගින් රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂ හතලිස් හතර දහස් පන්සියක මුදලක් (12,144,500.00) අදාල සමාගමට කිසිදු කාර්යක් සිදුකර නොතිබියදි ගෙවා දමා තිබුණි.

2016 වසරේ මාර්තු මස 23 වනදා රුපියල් 3,159,500.00 එම වසරේ මැයි මස 4,739,250.00 හා එම වසරේම දෙසැම්බර් මස 31 වනදා 4,245,750.00ක මුදලක් සභාව ගෙවා දමා තිබුණි.

පටිගත කිරිම් සදහා රුපියල් 7,940,500.00 ක මුදලක් පොත් සදහා 4,965,000.00ක් ඡායාරූප කරනය සදහා කියමින් 1,780,000.00ක් ඩී.වී.ඩී තැටි සදහා කියමින් රුපියල් 447,000.00ක මුදලක් මෙන්ම වෙබ් අඩවිය සංවර්ධනයට කියමින් රුපියල් 665,000.00 ක මුදලක් අදාල ප්‍රශ්න ගත ආයතනය ඇස්තමේන්තු වශයෙන් ලබාදි තිබුණි.

එහෙත් වසර හතරකට අධික කාලයක් තුල ඔහු විසින් ලබාගත් රුපියල් ලක්ෂ 121කට අධික මුදල වෙනුවෙන් ලබාදෙන බව පැවසු ඩී.වී.ඩී පට 1500ක ප්‍රමාණයෙන් ඩී.වී.ඩි පට 143ක් පමණක් ලබාදි ඇති බවත් එම ඩී.වී.ඩී පටවල කවරය ඉතාම බාල තත්වයෙන් සකසා තිබු බවත් සිදුකල විමර්ශන වලදි හෙලිවි තිබුණි.

ඉතිරි පොත් සිංහල දමිල ඩී.වී.ඩී පට වෙබ් අඩවිය 2020 වසරේ අගෝස්තු 31දිනට පෙර ලබාදෙන බවට ඔහු පොරොන්දු ලබාදි ඇතත් එම පොරෝන්දුව මේවන තුරුම ඉටුකර නැති බව විගණන විමසුමේ සදහන්වේ.

උතුරු මැද බදුගෙවන ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 150කට අධික මුදලක් වැයකරමින් සිදුකිරිමට යෝජනාවු වෙබ් අඩවිය නිර්මානය කිරිමේදි පහසුකම් පැහැර හැරි කොන්ත්‍රාත්කරු සම්බන්ධයෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.11.5 අනුව කටයුතු සිදුව නැති බව ගිවිසුම් අවසන් වන කාලය නිශ්චිතව සදහන්කර නොමැතිවීම දෙපාර්ශවයේ කොන්දේසිවලට අත්සන් තබා නැතිවිම ගිවිසුම් පිටු අතර කොටි අත්සන් නොයෙදිම හා කිසිදු නීතිමය පියවරක් කොන්ත්‍රාත්කරුට එරෙහිව ගැනීමට නොහැකි බව විගණන විමසුමේ සදහන්වේ.

එහිදි බරපතලම කාරනයක් වශයෙන් අදාල වෙබ් අඩවිය නිර්මානය කිරීමට උතුරු මැද පළාත් සභාවෙන් රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් ලබාගත් ආයතනයේ වෙබ් අඩවිය මේවන තුරුම අක්‍රිය බව සිදුකල පරික්ෂන වලින් අනාවරණයවු බව විගණන විමසුමේ සදහන්වේ.

මෙවැනි අතිවිශාල මුදලක් වියදම්කර නිශ්පල ක්‍රියාවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් වාර්ථාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයට ලබාදෙන ලෙස දනවමින් ආණ්ඩුකාර ලේකම්වරයා උතුරුමැද පළාත් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව ඉල්ලිමක්ද කර තිබුණත් තවමත් එම වෙබ් අඩවිය නිර්මාණයවීම සිදුවි නැත.

අදාල කොන්ත්‍රාත්කාර සමාගමට මෙම කටයුත්ත කඩිනමින් සිදුකර දෙන ලෙස උතුරුමැද පළාතේ බලධාරින් අවස්ථා කිහිපයකදීම ලිඛිත ඉල්ලිම් කර තිබුණත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම නිසා ගෙන්වා සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

ඔහු අවස්ථා කිහිපයකදිම අදාල කටයුත්ත තාක්ෂනික දෝෂ කොරෝනා වසංගතය වැනි කරුණු නිසා ප්‍රමාදවු බව කියමින් පළතේ බලධාරින්ට විටින්විට දන්වමින් සිය කටයුත්ත ඉටුකරදීම පැහැරහැර තිබේ.

මෙම කටයුත්ත ඉතා කඩිනමින් කිරීමට කටයුතු කරනා බව හිටපු අමාත්‍යංශ ලේකම්වරයා මීට මාස හතරකට පමණ ඉහතදි ප්‍රකාශ කළත් එම කටයුත්ත මෙතෙක් සිදුවි නැත.උතුරු මැද පළාතට රුපියල් ලක්ෂ 121ක් නිකරුණේ අහිමිම සම්බන්ධයෙන් විමසීම සදහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් ආණ්ඩුකර ලේකම් ඒ.කේ.එන් වික්‍රමසිංහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම් බණ්ඩාර මහත්වරුන් දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළත් ඔවුන් කාර්ය බහුල බව පැවසුවේය.

අනුරාධපුර නැගෙනහිර/බුද්ධික මහේෂ්

More Stories