15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් තිබේ.

අද සවස මෙම අනතුර සිදු වී ඇත්තේ වීරකැටිය, තංගල්ල මාර්ගයේ දීය. මියගොස් තිබෙන ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබු මව සහ දරුවන් දෙදෙනා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර ඇති අතර එහිදී දැරිය මියගොස් ඇති අතර මව සහ පිරිමි දරුවා යලි මාතර රෝහලට ඇතුළත් කිරීමේදී පිරිමි දරුවා මාතර රෝහලේ දී මියගිය බව පොලීසිය පවසයි.

මෝටර් රථය පැදවූ බව කියන 15 හැවිරිදි දරුවා සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

More Stories