නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි.
පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල, නුවරඑළිය, රාගල, කොටගල, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත සමස්ථ මරණ 82ක් වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
ගිනිගත්හේන මෝරහේනගම පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට උපදෙස් ලබා දිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මෙම ඇගලුම් කම්හලින් මේ වන විට කොවිඩ් ආසාදිත සේවිකාවන් 52 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස 130 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම ඇගලුම් කම්හල වසා දැමිමට උපදෙස් දුන් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මෙසේ පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඇති සේවිකාවන්ගේ වාර්ථා තව දුරටත් ලැබිමට නියමිත බවත් එහ වාර්ථා ලැබෙන තෙක් මෙම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට එහි පාලන අධිකාරිය වෙත උපදෙස් ලබාදි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්