කොවිඩ් වසංගතයත් සමග මේ රටේ බෞද්ධ අධ්‍යාපනය මුළුමණින්ම වලපල්ලට  යාමට අතහැර දමා මේ රටේ ලක්ෂ 22 ක්වූ  දහම් පාසල් දරුවන්ගේ  අනාගතය  අඳුරේ දමා ඇැතැයි,” දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්, දහම්පාසල් ආචාර් වරුන් සහ දෙමාපියන් චෝදනා කරති.

කොරෝනා වසංගතය ආරම්භ වු පසුගිය වසරේ මාර්තු මාසයේ පටන් මේ රටේ දහම්පාසල් අධ්‍යාපනය රජය  මුළුමණින්ම  අතහැර දමා ඇතැයි ගුරු භවතුන් , දෙමාපියන් සහ ප්‍රධානාචාර්ය හිමිවරුන් චෝදනාකරති.

බෞද්ධ ජනතාවගේ අති බහුතරයකින් බලයට පත් වර්තමාන ආණඩුව බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා එය මුළුමණින්ම අත හැර දමා ඇතැයි  දහම් පාසල් ගුරුවරුන් චෝදනා කරති.

කොවිඩ් වසංගතයේදි අධ්‍යාපනය පිළිබඳ රජය අඩුම සැලකිල්ලක් දක්වා ඇති අතර ගුරුවරුන්, අධ්‍යාපනකාර්ය මණ්ඩල  එන්නත් කිරිමට තවමත් නිසි පියවරක් ගෙන නැති නිසා මෙි වන විට රටේ අධ්‍යාපනය “සිග්නල්” හා “ඩේටා” වලට මුදල් තියෙන දෙමාපියන් ගේ දරුවනට  සීමාවෙමින් තිබෙන බවට දෙමාපියන් චොදනා කරති.

සමස්ත ලංකා සාශනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, බස්නාහිර පලාත් ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රපති ගෝනදුවෙි ගුණාන්ද නාහිමි.

පසු ගිය අවුරුදු එකහමාරක  පමණ කාලයක සිට මෙි රටෙි බෞද්ධ අධ්‍යාපනය විශාල බිද වැටිමකට ලක් වෙලා තියෙනවා.දරුවන් පන්සලෙන්, දහම් පාසලෙන් ඈත් වුණා.

දහම් පාසල් අධ්‍යාපනය ගැන ඇති වෙලා තියෙන්නෙ  ඉතාම කණගාටුදායක තත්වයක්. පෙර පාසල් ගැන,  පාසල් ගැන, ⁣අනෙකුත් අධ්‍යාපන ආයතන ගැන  යම් පමණකින්හෝ කතා කරනවා. නමුත් මෙි රටේ දහම් අධ්‍යාපනය  කඩා වැටිම පිළිබඳ  කවුරුවතම කතා කරන්නෙ  නෑ.

2020  මාර්තුවලින් පසු මාස දෙක තුනක්  විතර සැප්තැම්බර් ,අගෝස්තු වෙනතුරු කඩින් කඩ යන්තම් තිබ්බා.එතැන් සිට කොරෝනා උත්සන්නවු පසු  අද වෙනතුරු දහම් පාසල් නෑ.

ළමා පරපුර පන්සලෙන්, දහම් පාසලෙන් සම්පුරණයෙන්ම ඈත්වෙන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉරිදට දහම් පාසල නැති වුණාට  “ඔන් ලයියින්” හරහා  ටියුෂන් පන්ති තියෙනව.

ඒ නිසා  දහම් පාසල් පටන් ගත්ත දවසටත් දරුවො දහම් පාසල්  අත හැරල ටියුෂන්වලට යන මානසිකත්වයක් ඇතිවෙලා තියෙනවා.

ලංකාවෙි ලක්ෂ 22 ක් විතර  දහම් පාසල් ළමයින් ඉගන ගත්තා. නමුත් මෙිකෙන් හරි අඩක් විතර නැති  වෙන තත්වයක් ඇතිවෙලා තියෙනවා.දැනට තියෙන තත්වය අනුව  පසළොස්වක පෝය දවසටවත් පන්සලට යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා.

ඒක  නිසා දරුවන්ගේ ළමා කාලය ආගම දහමෙන්  ඈත්වෙලා ගිහිල්ලා තියෙනවා.

මේක ඉතා  භයානක තත්වයක්, මේකෙ ප්‍රතිඵල පෙන්නෙ තව වසර කීපයක් ගියාට පසුවයි. අවාසන්වන්ත තත්වය මේ පිළිබඳ වග කිවයුතු කිසිවෙකු කතා නොකිරිමයි.අඩුම තරමෙ පෝය දවසට, ඉරිදාට දහම අධ්‍යපනය ලබාදිමේ වැඩ  පිලිළවලක් ඇති කලයුතුව තිබුණා. දැන් හෝ එවැනි වැඩ පිළිවලක් ඇති කළ යුතුයි.

පාහියන්ගල ආනන්ද සාගර හිමි.

මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.මෙික බෞද්ධ රටක් වුණත් අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ බෞද්ධ දරුවන් අතහැරදාල තියෙනවා.  අවාසනාවන්තම කාරණය බුද්ධ සාශන ඇමතිවරයාට  මේ ගැන මතක් නොවිමයි.

දහම් පාසල් වෙනුවෙන්ම ඇමති කෙනෙක් පත් කර ගත්තා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් තියෙනවා. නිලධාරින්  වැටුප් ගන්නවා.නමුත් මේ රටේ දහම් පාසල් දරුවන් අවුරුදු දෙකක් තිස්යේ අමතක කරල දාල තියෙනවා.බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අපට මොනම නිර්දේශයක්වත්  ලබාදීල නැහැ.

දහම් පාසල් ශ්‍රේණි විභාග දිගින් දිගටම කල් ගිහිල්ලා තියෙනවා. “ඔන් ලයින්” ක්‍රමයට හෝ පවතවන්න  තවම සැලසුමක්වත් නැහැ.අඩුම ගානෙ සාශනාරක්ෂක බලමණ්ඩල, දිස්ත්‍රික් බල මණ්ඩලවශයෙන් වත්වැඩ සටහනක්, සැලසුමක් අපට ලබා දීල නැහැ.

වෙසක්, පෝය පහු වුණා, පොසොන් පෝය  හෙට අනිද්දා ගෙවෙනව.අඩුම තරමේ ⁣නිවෙස්වල සිට මේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදිමෙි වැඩ පිළිවලක් හදන්න තිබුණා.අඩු පාඩුකම් මැද හෝ පාසල් හා ටියුෂන් අධ්‍යාපන කටයුතුකරගන යනවා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ සාශන ඇමතිවරයා මෙි ගැන ලැජජාවෙන්න ඔිනා.සතියට එක දිනයක් මාර්ග ගත ක්‍රමයට බෞද්ධ අධ්‍යාපනය කරගන යන්න තිබුණා.අඩු පාඩු මැද යම් පමණකට හෝ ඒක කළ යුතුයි.

මේ වෙනුවෙන් ඉන්න නිළධාරින්, මැති ඇමතිලා මොකද කරන්නෙ කියලවත් අපි කවුරුත් දන්නෙ නෑ.මේක හරිමඅවාසනාවන්ත තත්වයක්.

කළුතර,බොම්ඹුවල සිරි සොමානන්ද දහම් පාසලේ  හාටපු ප්‍රධානාචාර්, වර්තමාන ආචාර්ය – ප්‍රියන්ත ප්‍රියදර්ශන මහතා.

බහුතර බෞද්ධ ජනතාවගේ ඡන්දයේන බලයට පත්වු ආණ්ඩුවට පන්සලත්, දහම් පාසලත් අමතකවෙලා ගිහිල්ලා.පාසල් හා ටියුෂන් අධ්‍යාපනය මාර්ග ගත ක්‍රමයට අඩු පාඩු මැද හෝ කරගන යනව නම් දහම පාසල්  ඒ ආකාරයට කරන්න බැරි ඇයි කියලයි අපට තියෙන ප්‍රශ්නය.

රජය මේ පිළිබඳ කිසිදු වැඩ පිළිවලක් ක්‍රියාත්මක නොකරන පරිසරයකත් දහම් පාසලක – දෙකක මාර්ග ගත ක්‍රමයට උගන්වනව කියල මම සමාජ මාධ්‍ය ජලාවල දැක්කා.

මේ නොසලකා හැරිම ඉදිරි වසර කිපයේදි මේ රටේ බරපතල සමාජ ව්‍යසනයකට හේතුවෙනවා. දහම් පාසල කියන්නෙ මේරටේ  ගුණ ගරුක ,විනයක්ඇති ධාරමික සමාජයක පදනමයි. මෙි පදනම බිදුනොත් හෝ නොසලකා හැරියොත් එක බරපතල ප්‍රති විපාක ඇතිකරවීමට  හේතුවෙනවා.

මදුරාවල සාශනාරක්ෂක බල මණ්ඩලයේ විධායක කාරක සභික, වරකාගොඩ ගල්ලෙන රජ මහ විහාරස්ථ දහම් පාසලේ ආචාර්ය ජගත් නන්දන මහතා.

“ඔන් ලයින්” ක්‍රමයට  හෝ දහම් පාසල්   පටන් නොගැනිම නිසා මෙි රටෙි දරුවන් විශාල පිරිසකට දහමි පාසල්ශ්‍රේණි විභාග අහිමි වෙලා තියෙනවා.  දහම් පාසල් සහතික, දහම් දැනුම නැති වෙලා ගිහිල්ලා තියෙනවා.ළමයින්ට ආගම දහම මුළුමණින්ම අමතක වෙලා යනවා.

ඉදිරියේ දහම් පාසල් ආරම්භ කළත් දරුවන් පිරිසකට දහම් පාසල නැතුවම යනවා.දැනට නමය, සහ දහය වසරවල ඉගන ගන්නා දරුවන්ට දහම් පාසල් අවසානය, ධර්මාචාරය වගේ  විභාගවලට පෙනිසිටිමට අවස්ථාව පවා නැතිව යනවා.

කිසිවක් නොකර  ඉන්නවට වඩා මොන අඩු පාඩු, බාධක මැද හෝ “ඔන් ලයින්” ක්‍රමයට හොබදහම් පාසල පවතවාගන යාම කල යුතුය. එහෙම නොවුනොත් දහම් අධ්‍යාපනය යළි ගොඩ ගතනොහැකි ලෙස බර පතල අගාධයකට වැටෙනවා.

ක්‍රිස්තියානි දහම් පාසල් ආචාර්ය වරයෙකුද කිවෙි ආගම් භේධයකින් තොරව මෙම කඩා වැටිම යළි ගොඩ ගත නොහැකි ලෙස  හානයක බවයි.

Similar Posts