අනුබුදු මිහිදු මාහිපානන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම නිර්මල බුදුදහම රැගෙන මෙරටට වැඩම කිරීම සිහිපත් කරනා 2329 වන පොසොන් පොහොය දිනය (24දා) දිනට යෙදි තිබුණු අතර පවතින කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති දැඩි සංචරන සීමා හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයෙන් තොරව පොසොන් පොහොය පිංකම් පැවත්වුණි.

2019 පාස්කු දින ප්‍රහාරයත් ඇතුළුව පවතින වසංගත තත්වය නිසා වසර තුනක කාලයක් තිස්සේ පොසොන් පිංකම අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වීමට නොහැකිවූවත් මිහිදු මාහිමිපාන්නගේ ලංකා ගමනය සිහිපත් කරමින් අනුරාධපුර අටමස්ථානය මිහින්තලය තන්තිරිමලය අවුකන ඇතුළු සියළුම වෙහෙර විහාරස්ථාන වල  (24දා) අළුයම සිට විවිධ පිංකම් පැවත්වූවත් බැතිමතුන්ට ඊට සහභාගිවීමට නොහැකි විය..

අනුරාධපුර වැඩ බලන අටමස්ථානාධිපති රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරථන නාහිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාෂනාව පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ රුවන්වැලි මහා සෑය අභයගිරිය ජේතවනාරාමය ලංකාරාමය ථූපාරාමය ඉසුරුමුණිය සමාධි පිළිමය යන වන්දනීය පූජනීය ස්ථානයන්හිදි පොහොය දින පිංකම් ජන සහභාගිත්වයෙන් තොරව සිදුකෙරුණි.

සම්බුද්ධ ශාෂනයේ මූලස්ථාන ලෙස සැලකෙන මිහිදු මාහිමිපානන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම වැඩම කළ ථෛතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන භූමියේ සිදුකෙරෙන පොසොන් පිංකම් සිදුකරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන්ගේ අනුශාෂනාව පරිදිය.

වෙනදාට දස දහස් ගණනින් පෙහෙවස් සමාදම් වීමට අනුරාධපුර අටමස්ථානයට මිහින්තලා පුදබිමට පැමිණෙන කිසිදු බැතිමතෙකුට පැමිණිමට නොහැකිව තිබෙනා අතර අතුරු සිදුරු නොමැතිව පිරි ඉතිරි යන පුදබිම් පාළුවට ගොස් ඇති අයුරු  (24දා) අළුයම මෙසේ දිස්විය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories