sugar

නගර හා ග්‍රාමිය ප්‍රදේශ තුල සමහර වෙලදුන් සිනි මිල දැඩි ලෙස ඉහල දැමිමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, කොටගල, වටවල වැනි ප්‍රදේශවල  සමහර වෙලදුන් සිනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසති.

මෙසේ සිනි වැඩි මිලකට අලෙවි කලද එම වෙලදුන්ට එරෙහිව  අදාල නිලධාරින් කිසිදු පියවරක් නොගැනිම හේතුවෙන් මෙම ප්‍රදේශවල සමහර වෙලදුන් ඔවුන්ට හිතෙන හිතෙන ආකාරයෙන් තමන්ව ගසා කැමට ලක් කරන බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කුඩා වෙලද සැල් හිමියන් කිප දෙනකු  හා බේකරි හිමියන් කිපදෙනකු පවසන ලද්දේ මෙම ප්‍රදේශවල සමහර තොග වෙලද සැල්වල සිනි ක්‍රිලෝවක තොග මිලද රුපියල් 135ක් වන බවත්ය.

එම තත්වයන් මත තමන්ද දැඩි අසිරුතාවයන්ට පත්ව ඇති බව එම පිරිස්ද පවසන අතර සමහර කුඩා වෙලදුන් පවසනුයේ සිනි නිසි මිලට ලබා දිමට නොහැකි වන බැවින් තමන් සිනි වෙලදාමෙන් ඉවත්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts