ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 209ක ජයක් හිමිකරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.

අනතුරුව පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට ක්‍රීඩා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.

අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නේය.

එහිදී දෙවන ඉනිම සදහා ඉන්දීය කණ්ඩායමට කිසිදා ළඟා නොවූ දැවැන්ත ඉලක්කයක් වූ ලකුණු 444ක් හිමි වුවද ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

ඒ අනුව 2023 වසරේ ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ ලකුණු 209කින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.

More Stories