exam results 2020 grade 5

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද (27) සිට ලබන ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය, එළඹෙන සැප්තැම්බර් 15 වන ඉරිදා දිනයේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

More Stories