වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය.
එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණි අතර ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබුණි.
මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017, 2018 වසරවල දී පමණි. 2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීය.