වතු කම්කරුවන් ලංකාවට පැමිණ වසර 200ක් පිරීම හා ලෝක තේ දිනය සැමරිම නිමිති කර ගෙන හැටන් කාරිටාස් සිටික් ආයතනය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් හේවාහැට මීසම බාර පුජා ප්‍රසාධින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙහිදි මයිකල් රාජේන්ද්‍රන් පියතුමන් විසින් වසර 200කට පෙර මෙරටට පැමිනි වතු කම්කරුවන් සැමරිම සිදු කල අතර එහිදි එම පියතුමන් විසින් වතු කම්කරුවන් මේ රටට පැමින වසර 200ක් ගත වුවත් මේ වන තෙක් වතු කම්කරුවන්ට සිදුවන විවිධ අකටයුතු කම් මෙන්ම ඔවුන්ගේ අයිතින් මේ වන තෙක් නිසි නොලැබිම් පිලිබදව පැමින සිටි පිරිස දැනුවත් කිරිමට පියවර ගන්නා ලදි.

මෙහිදි එම අවස්ථාවට පැමිනි දිඹුල පතන මවුන්ට් වර්නන්, කොටගල හැරින්ටන්, ලුල්කදුර, මුල්ඔය, ගලහා, යන ප්‍රදේශවල වතු කම්කරුවන් පිරිසක් ලමා මෙහෙකාර සේවය නතර කරනු වැනි විවිධ පුවරු රැගෙන එම අවස්ථාවට එක් සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories