ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායි වෙත පළා ගොස් , එහි සැගවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත් අඩංගුවට ගෙන අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .

කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් බබී නැමැති අය මෙසේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ එක් අයෙකි .

මෙසේ රැගෙන විත් ඇති අනෙක් අපරාධකරු මට්ටක්කුලිය , සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අයයි .

ඔවුන් අද දින අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙසේ රැගෙන පැමිණි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දැඩි ආරක්ෂාව යටතේ රැගෙන යනු ලැබීය .

එසේම කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා කොළඹ , නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීම සදහා රැගෙන යාම ද ඒ ආකාරයටම දැඩි පොලිස් ආරක්ෂාව යටතේ සිදු කෙරිණි .

Similar Posts