නවවන විධායක ජනාධිපති ලෙස පත්ව අනුර කුමාර දිසානායක මහතාට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම් එක් කරන බව එහි නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් වන තඹුත්තේගම ප්‍රදේශයේ සමන්‍ය පවුලක ඉපිද එහි සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබු අනුර කුමාර දිසානායක මහතා නව දේශපාලන සංස්කෘතියක් මේ රට තුල ඇති කල උදාර පුද්ගලයෙක්.
අපිට මතකයි මොහු මැතිවරණ වේදිකාවල මේ රට සංවර්ධනය කරා ගෙන යන අකාරයත් මේ රටේ දුෂණය භිෂනය නිමා කර සැමට නිතිය එකහා සමානව ක්‍රියාත්මක කරන බවටත් කල ප්‍රකාශ එය ඉතා හොද දෙයක් මොකද මේ රටේ නිතිය සැමට එකහා සමාන විය යුතු එය නිසි ලෙසම ඔහු ඉටු කරනු ඇතැයි විශ්වාස කරමි.
මොකද මේ රටේ සමන්‍ය ජනතාව කැමති මේ රට දුෂනයෙන් භිෂනයෙන් තොරව සැමට නිතිය එකහ සමානව ක්‍රියාත්මක වන රටක් ලෙස දැකිමටයි එය යථාර්තයක් කිරිමේ බලාපොරෝත්තුව මතයි මේ රටේ ජනතාව මෙව තම ඡන්දය මාලිමාවට ලබා දිමට පියවර ගත්තේ.
එමෙන්ම මේ වතුකරයේ ජනතාව ප්‍රශ්ණ රාශියක් මත ජිවත්වන පිරිසක් එම නිසා එම වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිලිබදව දැඩි අවධානයක් යොමු කරනු ඇතැයිද අපේක්ෂා කරමි.
මේ රට තුල නව සංවර්ධණ මාවතකට ගෙන යමින් මේ රටේ ජනතාවගේ ජිවන තත්වයන් නගා සිටුවිමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories