මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වය හට ගැනිමත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජලග මට්ටම් පහල බැසිමද ආරම්භව ඇත.
එම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 14 අගල් 06කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 16 අගල් 02කින්ද පහල බැස ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts