කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන්වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන් වේ.
ඔවුන් කණ්ඩායම් වශයෙන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමේ ක්‍රියාවලියක් ද සැළසුම්කර තිබේ.