ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකළ තැනැත්තන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටී.

ඒ අනුව කුඩා දරුවන් හා වැඩිහිටියන් තිදෙනෙකුගේ ඡායාරූප අද පොලීසිය ප්‍රසිද්ධියට පත් කළේය.

අප කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ අතර වැඩිහිටියන්ගේ ඡායාරූප අප ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේය

මෙම පුද්ගලයින්ගේ තොරතුරු ඔබ දන්නේනම් 119, 071 59 18 64, 011 244 44 80, 011 244 44 81 යන දුරකතන අංක වෙත දැනුම් දෙන්න.

Similar Posts