හැටන් නගරයේ විවෘත කර තිබු සියලුම හෝටල් වසා දැමිමට හැටන් පොලිසිය හා හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත හැටන් පොලිසියේද සහාය මත 12වන දින සිට නැවත දැනුම් දෙන තුරු හැටන් දික්ඔය නගරවල හෝටල් වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ. බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා