76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීය.

‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීය.

මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද , තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උලෙල පැවැත්විය.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීය.

මීට අමතරව සැමරුම් පෙළපාලිය සඳහා ගුවන් යානා 19ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් එක්වූවූබව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

Similar Posts