offshore accident lawyer best motorcycle accident lawyer 18 wheeler accident lawyer san antonio offshore accident attorney texas truck accident lawyer

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය  කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළා.රුසියාව සමග යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමග ගෝලීය දේශපාලනය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා.

රුසියානුවන් ඔවුන්ගේ අරමුණු ජය ගැනීම සඳහා කැපකිරීම් කරලා තියෙනවා.යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි සම්බන්ධයෙන් බොහෝ යුරෝපා ජාතීන් නිහඬයි.

යුක්‍රේනයේ ජනාධිපතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙනුත් ඔවුන් නිහඬයි.ශ්‍රී ලංකාව නිසිකලට මැතිවරණ පවත්වා තිබෙනවා.කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන අතර ඔවුන් ශ්‍රී ලංකාවට සලකන්නේ වෙනස් ආකාරයකට.

විශේෂයෙන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට නියමිත බැවින් වත්මන් රජය සහ අප සියලුදෙනාම මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුයි.

More Stories