fire

ශ්‍රිපාද රක්ෂිකයට යාබදව පිහිටා ඇති රිකාටන් හැමිල්ටන් රක්ෂිතයේ හට ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම රක්ෂිකයේ අක්කර ගණනාවක් විනාශ වෙමින් පවති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. වීරසේකර මහතා පවසන ලද්දේ 23වන දින මෙම රක්ෂිතය තුල ගින්නක් හට ගෙන ඇති බවත් එම ගින්න මේ වන විටද පැතිරෙමින් පවතින බවත්ය.

ප්‍රදේශය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වය හා මද සුලං තත්වයන් හේතුවෙන් මෙම ගින්න මැඩ පැවැත්විම අසිරු තත්වයක පවතින බවත් එම තත්වයන් මත මෙම ගින්න තව දුරටත් පැතිරෙමින් පවතින බවද ඔහු පැවසිය.

මෙම ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ සමහර පිරිස් විසින් සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් මත මෙම ගින්නද යම් කිසි පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි සැක සිතන බවත් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

More Stories