වතු කම්කරු රුපියල් දහසේ දෛනික වැටුප නිසි ලෙස ලබා දෙන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත් ජිවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන ලෙසත් ඉල්ලමින් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය(ජ.වි.පෙ.) විසින් ජනතාව දැනුවත් කිරිම සදහා අත් පත්‍රිකා බේදා දිමක් 26වන දින හැටන් නගරයේදි සිදු කරන ලදි.
සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න උප ලේකම් ක්‍රිෂ්නන් කලේ චෙල්වම් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අත් පත්‍රිකා බේදා දිම සිදු කඑරන ලදි.
මෙහිදි අදහස් දැක්වු ලේකම් ප්‍රේමරත්න මහතා පවසන ලද්දේ රජය මගින් දිනෙන් දිනම වතු කම්කරුවන් ප්‍රිඩාවන්ට ලක් කරමින් සිටින බවත්ය මේ වන විට භුමි තෙල්, පාන් පිටි, සහල්, මෙන්ම සියලුම ආහාර ද්‍රව්‍ය මිල ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත වතු කම්කරුවන් මෙන්ම සමස්ථ ජනතාවමද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්