parliment-food

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහාර සැපයීමේ දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අංගොඩ රෝහලේ නේවාසිකව රෝගීන්ට ක්‍රීම්කැකර් බිස්කට් පැකට් එකක් තරම් දෙයක්වත් ගෙනැවිත් දෙන්නට කිසිවකුත් නොපැමිණෙන බවයි.

වෙනත් රෝහල්වල ​රෝගීන්ගේ ආහාර අවශ්‍යතා පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකරමින් ඒවා සලසා දෙන්නා සේම අංගොඩ රෝහලේ නේවාසික රෝගීන් කෙරෙහිද කාරුණිකව අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්මිණි මාගොඩරත්න ඉල්ලා සිටියාය.

වෙළඳපොලේ මේ දිනවල ඇති වී තිබෙන එළවළු හිගය සහ මිල අධිකවීම පාර්ලිමේන්තු භෝජනාගාරයට ද තදින් බලපා ඇත.

ඊයේ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ භෝජනාගාරය සහ ජනමාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයේ කිසිදු එළවළුවක් පිළියෙල කර නොතිබින.

ඊයේ දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල භෝජනාගාරයේ සහ ජනමාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයේ දිවා ආහාරයට පිළියෙල කර තිබුණේ බත්, අල බැදුම්, පොල්සම්බෝල, මිට්බොල් කරිය, පිපිඤ්ඤා සලාදයක් සහ දෙල් වෑංජනයක් පමණකි.

 

More Stories