atm

හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.

මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි.

එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව පවසන බව අනාවරණ වී තිබේ.

අනතුරුව A.T.M. යන්ත්‍රය තුළට දැමූ කාඩ්පත සඟවාගෙන ඔවුන් සොරකම් කර සන්තකයේ තබාගෙන සිටින වෙනත් අවලංගු කාඩ්පතක් ගිණුම් හිමියා වෙත ලබාදෙයි. පසුව අදාළ A.T.M. කාඩ්පත භාවිත කර වෙනත් ස්ථානයකින් අදාළ ගිණුමේ ඇති මුදල් ලබාගැනීම සිදුකරයි.

මෙලෙස මුදල් අතුරුදන්ව ඇති ගිණුම් හිමිකරුවන් විසින් මේ වනවිට හැටන් පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. අප මේ සම්බන්ධව හැටන් පොලීසියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

More Stories