covid infections today

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේන් නව කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවිමත් සමග එම සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 153 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා මත 22වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවු බවත් එම පුද්ගලයන් හැටන්, බිංඔය, හා අඹගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද ඔහු පවසන ලදි.

එම ආසාදිතයන් තිදෙනා සමග මෙම සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 153 දක්වා ඉහල ගොස් ඇති බවත් 22වන දින දින හදුනා ගත් කොවිඩ් ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා මත 22වන දින නව කොවිඩ් ආසාදිතයන් 08 දෙනකු හදුනා ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

එම නව කොවිඩ් ආසාදිතයන් අට දෙනාගෙන් ලිදුල ප්‍රදේශයෙන් 05 දෙනකුද, අඹගමුව, කොටගල, මස්කෙළිය, යන ප්‍රදේශවලින් එක් අයකු වශයෙන්ද හදුනාගෙන ඇති බවද ඔහු පවසන ලදි.

කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්.පරික්ෂන මත මේ වන විට කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හදුනාගෙන ඇති බවත් මෙම සියලුම දෙනා බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනි පිරිස් බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

එමෙන්ම අලුතින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories