death

දර කැපීමට ගොස් වැවකට වැටි අභිරහස් අන්දමින් මියගොස් සිටි තිදරු පියෙකුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවත්වීමට සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතා හමුවට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනා කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට (16දා) සවස නියෝග කළාය.

පසුගිය (15දා) දර කැපීමට නිවෙසින් බැහැරවූ තිදරු පියෙකුගේ සිරුර කහටගස්දිගිලිය මොරගහවැව ප්‍රදේශයේ පිහිටි වැවක තිබි ගම්මුන් විසින් සොයා ගැනීමත් සමග පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුණි.අභිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්වි සිටියදි සිරුර සොයාගත් පුද්ගලයා කහටගස්දිගිලිය හෙට්ටිකට්ටිය පදිංචි 35 හැවරදි තිදරු පියෙකු වන කදිරාගේ රවින්ද්‍ර රූපසිංහ නැමත්තායි.

මරණකරු පසුගිය (15දා) පැල් රැකීමට යාම සදහා අවශ්‍ය දර කපාගැනීමට මොරගහවැව ප්‍රදේශයට ගොස් ඇති බව පවසන පොලිසිය එසේ නිවසින් පිටවූ පුද්ගලයා නැවතත් නිවසට නොපැමිණිම නිසා ගම්මුන් විසින් සොයා ඇති බව පොලිසිය පවසයි.

ගම්මුන් ඔහු සොයමින් යද්දි වැව් බැම්ම මත ස්ථාන කිහිපයක තිබි කැප් තොප්පිය පාවහන් යුගලය දර කැපීමට රැගෙන ගිය පොරව හා කපාරැගෙනා දර මිටිය හමුවි ඇති බව පොලිසිය පවසයි.

තවදුරටත් ගම්මුන් විපරම් කරමින් ඔහු වැවට වැටී ඇද්ද යන්න පරික්ෂා කළ අවස්ථාවේ වැවේ නොගැඹුරු ස්ථානයක ගිලි මියගොස් සිටි ගොවියාගේ සිරුර හමුවි තිබෙනා අතර ඔහු වැව් පතුලේ වැවී තිබූ තණකොල තදින් අල්ලාගෙන සිටි බව පවසයි.

ගම්මුන් සිරුර ගොඩට ගන්නා විට තදින් අල්ලාගෙන සිටි තණ කොළ ගස් ගැලවි ආ බවත් නාසයෙන් රුධිරය වහනයවීම නිසා ඔහුට කිසිවෙකු විසින් පහරදි වැව් ජලයේ ගිල්වා මරා දැමූවේද යන්න පිළිබදව සැකයක් පවතිනා බවත් පොලිසිය පැවසුවේය.

වන අලින් එළවා දැමීම සදහා ගිනි මැල දැල්වීමට දර කැපීමට ගිය පුද්ගලයා වෙනත් රෝගයක් නිසා වැවට වැටී මියගියේද යන්න පිළිබදවත් සැකමතුවි තිබෙනා අතර ඔහු වැව් බැම්මේ සිට පහලට බැසගිය කිසිදු අඩි සළකුණක් නැති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි තහවුරුවි තිබේ.

ගොවියා මියගොස් සිටි ස්ථානායට පැමිණි අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරනා ලෙසත් ඔහු ඝාතනයවි ඇත්නම් වහාම පරික්ෂණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට කහටගස්දිගිලිය පොලිසියට නියෝග කළාය.

අනුරාධපුර – බුද්ධික මහේෂ්

Similar Posts